News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
18

නොර්වුඩ් ප්‍රදේශයට අයිස් වැස්සක්

1206 Views


නොර්වුඩ් ප්‍රදේශයට අයිස් වැස්සක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල අද (18) පස්වරුවේ තද වැසි පතිත විය. අද පස්වරු 3.15 සිට පස්වරු 3.45 දක්වා බගවන්තලාව, නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවලට තද වැසි පතිත විය.

කාසල්රි ජලාශයට යාබදව පිහිටි නොර්වුඩ් නගර සිමාවේ ස්ථාන කිහිපයකට වර්ෂාවත් සමග අයිස් වැසි පතිත වු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවට මාස කිහිපයක් තිස්සේ පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම පහල බැස තිබු අතර, ප්‍රදේශය පුරා ජල මුලාශ සිදි යාම නිසා උග්‍ර පානිය ජල ගැටළුවක්ද මතු වි තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post