News Line| Off Air
Generic placeholder image

Mar
18

නොරොච්චෝලේ අක්‍රීය වෙයි ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කිරීමක්

3736 Views


නොරොච්චෝලේ අක්‍රීය වෙයි ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කිරීමක්

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අද (18) දහවල් කාලයේ ජනන යන්ත්‍රය අක්‍රීය වීම සිදුව ඇති බවයි.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර පද්ධතිය සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම විසන්ධි කිරීම සිදුවන බව සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post