News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
18

මහෙන්ද්‍රන් ගැන සිංගප්පූරුව පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි

555 Views


මහෙන්ද්‍රන් ගැන සිංගප්පූරුව පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි

මහ බැංකු බැඳුම්කර සිදුවිමට අදාළ ප්‍රධාන වගඋත්තරකරුවා බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධයෙන් තම ප්‍රතිප්තිය සිංගප්පූරුව විසින් පැහැසිලි කළ යුතුව ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අල්ලස හා දූශණ තුරන් කිරිමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්විමේ අවස්ථාවට අද (18දා) කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම කරුණ සම්බන්ධයෙන් තමන් සිංගප්පූරු අග්‍රමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවද ජනපතිවරයා සඳහන් කළේය. බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන්ට විවිධ අභියෝග හා ගැටලුවලට මුහුණදීමට සිදුවූ බවද ජනපතිවරයා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post