News Line| Off Air| Games
Generic placeholder image

Mar
18

මියගිය බොරැල්ලේ ට්‍රැෆික් OICගේ පඩිය සහ නිලධාරින්ගේ ආධාර මුදල් හොරු අරන්

2133 Views


මියගිය බොරැල්ලේ ට්‍රැෆික් OICගේ පඩිය සහ නිලධාරින්ගේ ආධාර මුදල් හොරු අරන්

රිය අනතුරකට මුහුණ දීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා කොළඹ ජාතික රෝහල තුල ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී රුපියල් ලක්ෂයක පමණ මුදලක් සහිතව ඔහුගේ බිරිඳ සතුව තිබූ මුදල් පසුම්බිය සොරකම් කර තිබෙනවා.පොලිස් ස්ථානාධිපතිවරයා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැටුප සහ පොලීසියේ සහෝදර නිලධාරීන් විසින් සම්මාදන් කොට ලබා දුන් මුදල මෙලෙස සොරකම් කර ඇති බවයි මියගිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිය වන අනෝමා හතුරුසිංහ මහත්මිය දැඩි සංවේගයෙන් යුතුව කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ.

ජාතික රෝහල් පරිශ්‍රයේදී මෙම සොරකම් සිදුව ඇති අතර එම මහත්මියගේ මුදල් පසුම්බිය පසුව කසල බදුනක තිබී සොයාගෙන තිබෙනවා. මෙම සොරකම අනාවරණය කර ගැනීමට තිබු රෝහල් පරිශ්‍රයේ ඇති සී.සී.ටී.වි කැමරා අක්‍රිය මට්ටමේ පැවතීම නිසා මෙම අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට නොහැකි බවත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post