News Line| Off Air
Generic placeholder image

Mar
18

සංගා මහේල වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න

816 Views


සංගා මහේල වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැංවිමට අදාළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු පිරිස සකස්කළ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.  එසේම එම වාර්තාව ක්‍රිකට් ආයතනය නොයවන ලෙසත් පාර්ලිමේන්තුව තුළ සහයෝගය ලබාදිමට සූදානම් බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය වසර 8කට පසුව තමන්ට පැවැත්වීමට හැකීවූ බවත් ඒ වෙනුවෙන් තමන් හා අග්‍රාමාත්‍යවරයා අතර මත භේදයක් පවා ඇතිවූ බව ඔහු සඳහන් කළේය.

තමන් කිසිවිටකවත් තිලංග සුමතිපාල, අර්ජුන රණතුංග හො ජයන්ත ධර්මදාස යන පාර්ශව තුන වෙනුවෙන් පෙනී නොසිටි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post