News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
18

සාගලගෙන් විමල්ට අභියෝගයක්

734 Views


සාගලගෙන් විමල්ට අභියෝගයක්

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ශාඛාවක් අරලිය ගහ මන්දිරයේ නොපවතින්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා අභියෝග කළේය.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලයක් අරලිය ගහ මන්දිරියේ ස්ථාපිත කර ඇති බවයි.

කෙසේ වෙතත් එවැනි ආයතනයක් අරලිය ගහ මන්දිරයේ නොමැති බව සාගල රත්නායක මහතා සඳහන් කළේය. එයට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා සඳහන් කළේ කාර්යාලයක් ඇති බවට තමන්ට ඔප්පු කර පෙන්විය හැකි බවයි.

නැවතත් සාගල රත්නායක මහතා සඳහන් කළේ එවැනි කාර්යාලයක් නොමැතිනම් විමල් වීරවංශ ඉල්ලා අස්විය යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post