News Line| Off Air| Games
Generic placeholder image

Mar
18

සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් ලෙස අධිකරණයට යන්න ඕන නිසා තනතුරු අතහැරියා, මන්ත්‍රී රත්තරන් කියයි

611 Views


සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් ලෙස අධිකරණයට යන්න ඕන නිසා තනතුරු අතහැරියා, මන්ත්‍රී රත්තරන් කියයි

දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර නොහොත් රත්තරං දකුණු පළාත් සභා මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ හේතුව මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිළි කළා. එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවැනි අදහසක්

“මට එල්ල වෙලා තියෙන අභූත චෝදනාව පිළිබඳව අද වෙන විට උසාවියේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. ඒ නිසා මම කල්පනා කළා යම්කිසි දේශපාලනඥයෙකුට ජනතාව ඡන්දය දෙන්නේ… ඔහු ගැන තියෙන විශ්වාසයට. ඔහුට තියෙන ගෞරවයට හා ඔහු ගොඩනගා ගත්ත ප්‍රතිරූපයට. ඒ නිසා මම විශ්වාස කරනවා ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දය දුන්නේ.. දඟකාර කටකාර.. විසේකාර හරිදේ කෙලින් කතා කරන රත්තරන්ට. මට මේ වගේ චෝදනාවක් එල්ල වුණාම මට ඡන්දය දීපු ජනතාවට අගෞරවයක්. අනෙක් එක මා නියෝජනය කරන දේශපාලන පක්ෂයට අගෞරවයක්. ලෝක දේශපාලන මතය තමයි දේශපාලනඥයෙකුට චෝදනාවක් එල්ල වුණාම නිවරැදිකරු වෙනකම් ඔහු දේශපාලන තනතුරුවලින් ඉවත් වෙලා සිවිල් පුරවැසියෙක් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක මහජනතාවට කරන අගෞරවයක්. මට එල්ල වෙලා තියෙන චෝදනාව ගැන රටේ ජනතාවට නිදහසේ හිතන්න ඉඩ සැලසිය යුතුයි. මට තියෙන චෝදනාව කිසිසේත් මා පිළිඅරගන්නේ නෑ.  ඒ නිසා මම තීන්දු කළා සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් ලෙස අධිකරණයට යන්න. මගේ තීරණය විවිධ අය විවිධ විදිහට විවේචනය කරයි. මම අභියෝගවලට බය නෑ. මොකද මේ මන්ත්‍රිකම තියාගෙන ඇප දුන්නත් ඒකත් වරදක්. නොදුන්නොත් ඒකත් වරදක්. නැත්තම් කියයි අරයා කතා කළා.. මෙයා කතා කළා කියලා..අධිකරණයටත් අපහාස කරයි. මිනිස්සු දකින්නේ උසාවියෙන් සැකකරු නිවරැදිකරු බව ඔප්පු කරන තුරු ඔහු වැරදිකරු කියලයි.”


News Articles
Latest Videos
Most Popular Post