News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

අරුන්දිකගෙන් රන්ජන්ට අභියෝගයක්

744 Views


අරුන්දිකගෙන් රන්ජන්ට අභියෝගයක්

තමන් ලංකාවට එතනෝල් ගෙන්වන බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔප්පු කළ හොත් තමන් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

අද (19දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ” එතනෝල් ගෙන්වන ප්‍රධාන කෙනෙක් ලෙස මගේ නම කියලා තිබුණා. මම අභියෝග කරනවා මෙය ඔප්පු කර පෙන්නුවොත් මම දේශපාලනයෙන් සමුගන්නවා. අපි දේපළ විකුණනා දේශපාලනය කළේ.දේශපාලනයට වියදම් කළා. සත පහක් හම්බ කරලා නෑ. ලංකා බැංකුවේ මගේ අයිරාව ලක්ෂ 21″ යැයි ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඔහු  සඳහන් කළ ඇතැම් කරුණු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයිද මෙහිදි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කාරක සභා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post