News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

ඉරිදා සහ පොහොය දිනවල ටියුෂන් තහනම්

1627 Views


ඉරිදා සහ පොහොය දිනවල ටියුෂන් තහනම්

ඉරිදා දිනවල සහ පොහොය දිනවලදී බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල ප්‍රාදේශීය මහලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඊයේ (18) මෙම කමිටු රැස්වීම පැවැත්විනි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ ඉරිදා දිනවල සහ පොහොය දිනවල පෞද්ගලික පන්ති පැවැත්වීම තුලින් දහම් පාසල් අධ්‍යාපනය බිදවැටීමේ අවධානමක් පවතින බව මහා සංඝරත්නය පෙන්වා දුන් බවයි.

මහා සංඝරත්නයේ ඉල්ලීම මත පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කරන බවත්, එම තහනම නිසි පරිදි සිදු වෙනවා දැයි සොයාබැලීම පොලීසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වගකීම බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදි පැවසිය.


News Articles
Latest Videos
Most Popular Post