News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

කණ්ඩායම එකමුතු කිරීමට ලෝක කුසලාන නායකත්වයට දිමුත්ට වැඩි කැමැත්තක්

1355 Views


කණ්ඩායම එකමුතු කිරීමට ලෝක කුසලාන නායකත්වයට දිමුත්ට වැඩි කැමැත්තක්

මෙවර එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගවාරය අතහැර දමා අන්තර් පළාත් එක්දින තරගාවලිය සඳහා සහභාගි වන ලෙස ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට කි‍්‍රකට් තේරීම් කමිටුව දන්වා තිබෙනවා. ඒ අනුව හැම්ප්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් දිමුත්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනුයේ නැහැ.

ලෝක කුසලාන තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට බොහෝවිට හිමිවනු ඇති බවයි වාර්තා වෙන්නේ.වත්මන් එක්දින නායකයා ලෙස කටයුතු කරන ලසිත් මාලිංග නායකත්වය දැරූ එක්දින තරග නවයම පරාජයට පත්ව තිබීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා නව නායකයෙකු පත්කර ගැනීමට කි‍්‍රකට් තේරීම් කමිටුවේ අවධානය මේ වන විට යොමුවී තිබෙනවා.

දකුණු අපි‍්‍රකාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණය සඳහා නායකත්වය ලබාදුන් දිමුත් කරුණාරත්න කණ්ඩායමේ එකමුතුකම ගොඩනැගීමට හැකි එකම නායකයා බවටයි තේරීම් කමිටුවේ අදහස වී ඇත්තේ. දිමුත් කරුණාරත්න අවසන් වරට එක්දින තරගයකදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළේ 2015 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදීයි.


News Articles
Latest Videos
Most Popular Post