News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

ජිවත් වෙන්න ආදායම ලක්ෂ 5ක් නැතුව බෑ – දයා ගමගේ කියයි

859 Views


ජිවත් වෙන්න ආදායම ලක්ෂ 5ක් නැතුව බෑ – දයා ගමගේ කියයි

මේ වනවිට එක් පවුලකට ලක්ෂ 5ක් නොමැතිව ජීවත් විය නොහැකි බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ පවසනවා. ඒ ඊයේ දිනයේ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ජාතික සමාජ සංවර්ධන ආයතනය එක්ව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ ‘ලෝක සමාජ වැඩ දිනය’ සැමරීමේ උත්සවය අමතමින්.

”සමෘද්ධිය තුළින් මම බලාපොරොත්තු වෙනවා එක පවුලක ආදායම රුපියල් ලක්ෂ 05 දක්වා වැඩි කරන්න. ලක්ෂ 05ක් නැතිව අමාරුයි අපට ජීවත් වෙන්න. සාමාන්‍ය විදියකට ජීවත් වෙන්න පවුලකට ලක්ෂ 05ක් අවශ්‍යයි. එතනට රට ගෙනියන්න හැම කෙනෙක්ගේම සහයෝගය අවශ්‍ය වෙනවා”


News Articles
Latest Videos
Most Popular Post