News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

ලොව ළාබාලතම කෝටිපතිනිය- කයිලී ජෙනර්

1235 Views


ලොව ළාබාලතම කෝටිපතිනිය- කයිලී ජෙනර්

ඇමෙරිකානු ජාතික 21 හැවිරිදි රංගන ශිල්පිනී කයිලී ජෙනර්, ස්වෝත්සාහයෙන් නැගී සිටි ලොව ළාබාලතම කෝටිපතිනිය බව ෆෝබ්ස් සඟරාව විසින් පසුගිය දා නම් කර තිබුණා. ඇමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනියක හා නිරූපණ ශිල්පිනියක වන කිම් කාඩේෂියන්ගේ ළාබාල නැගණිය වන කයිලී ජෙනර් තමන්ගේම රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරයකින් මෙලෙස කොටිපතිනියක් බවට පත් වී තිබෙනවා.

මේ අනුව 23 වන වියේ දී කෝටිපතියෙකු බවට පත් වූ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් පසුකර යාමට මෙම තරුණියට හැකියාව ලැබී තිබෙනවා. මේ වන විට “කයිලී කොස්මැටික් ” (Kylie Cosmetics) වෙළඳ නාමය යටතේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීමේ ආයතනයක් පවත්වාගෙන යන ඇය සමාජ මාධ්‍ය ජාලා හරහා ඉතාමත් ම ප්‍රසිද්ධියට පත් වී සිටින සමාජ ජාලා තරුවක් ලෙස ද නම් කළ හැකි යි.


News Articles
Latest Videos
Most Popular Post