News Line| Off Air
Generic placeholder image

Mar
21

මන්නාරම් සමූහ මිනීවලේ අවසන් තීරණය හෙට

495 Views


මන්නාරම් සමූහ මිනීවලේ අවසන් තීරණය හෙට

මන්නාරම් සමූහ මිනීවලේ කැනීම් ඉදිරියට සිදුකරනවාද සම්පූර්ණයෙන්ම නවත්වන්නේද යන්න අවසන් තීරණය ගැනීම සඳහා වූ සාකච්ඡාව හෙට (22) පැවැත්වීමට නියමිතයි.

මන්නාරම් අධිකරණ ශාලාවේදී මහෙස්ත්‍රාත් ටී.සර්වනරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවත්වෙන බව සමූහ මිනීවලේ කැනීම් භාරව සිටි විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

සාකච්ඡාව සඳහා මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් සිදු කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු කැනීම් සිදු කරන ලද සියලු දෙනාම සහභාගී වන අතර අතුරුහන් වූවන්ගේ කාර්යාල නිලධාරීන් හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වීමටද නියමිතයි.

එම සාකච්ඡාවේදී මන්නාරම් සමූහ මිනිවල පිළිබඳ තීරණය ගන්නා තෙක් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි 2018 මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ අධිකරණ නියෝගයතකට අනුව කැනීම් කටයුතු 2018 මැයි 28 වනදා ආරම්භ කළා.

මේ දක්වා සිදු කරන ලද කැනීම් වලදී මළ සිරුරු 342 ක් හමු වී ඇති අතර ඉන් සිරුරු 330 ක් ඉවත් කොට මන්නාරම් අධිකරණයේ විශේෂත කුටියක තැන්පත් කොට ඇති අතරම එම සිරුරු අතර ළමුන්ගේ සිරුරු කොටස් 30ක් වන බවද සඳහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post