News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
21

හම්බන්තොට පිරිපහදු ඉන්ධන මධ්‍යස්ථානය විවෘත කරන්න මටත් ආරාධනා කළා

1012 Views


හම්බන්තොට පිරිපහදු ඉන්ධන මධ්‍යස්ථානය විවෘත කරන්න මටත් ආරාධනා කළා

හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් ලබන 24 වැනිදා ආරම්භ කරන බැවින් ඊට සහභාගී වන්නැයි දන්වමින් තමන්ට ආරාධනා පත්‍රයක් ලැබී ඇතැයි විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද(21දා) පැවසීය.

ඕමාන් රාජ්‍යය විසින් එම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ප්‍රතික්ෂේප කිරීම ගැන තමන් නොදන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය.

ආරාධනා පත්‍රයට අනුව ලබන 24 වැනිදා ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට සහභාගීවීමට තමන් සූදානමින් සිටි බවද හෙතෙම පැවසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සුජීව සේනසිංහ මහතා මේ බව පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post