News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

චොකලට් කෑ අගමැති සමාව ඉල්ලයි

762 Views


චොකලට් කෑ අගමැති සමාව ඉල්ලයි

සිය රජයට විරුද්ධව පවතින දූෂණ චෝදනාවක් හේතුවෙන් කැනේඩියානු පාර්ලිමේන්තුවේ තිබූ චන්ද විමසීමක් අතරතුර හොර රහසේ චොකලට් අනුභව කිරීමේ වරද පිළිගත් කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලාතිබෙන බව විශෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රාත්‍රී කාලයේ තිබූ ඡන්ද විමසීමකදී මේසෙ යට සඟවාගෙන අගමැතිවරයා කෙටි කෑමක් අනුභව කරන බව විපක්ෂ මන්ත්‍රී ස්කොට් රීඩ් අගමැතිවරයා සභාවට පවසා තිබෙනවා.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සභාව තුල මන්ත්‍රීවරුන්ට ජලය පමණක් පානය කළ හැකි වෙනවා. ආහාර රැගෙන ඒම තහනම්. අගමැතිවරයා ”මා සමාව අයදිනවා.ඒ චොකලට් බාර් එකක්” ලෙස පවසමින් සමාව අයැද තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post