News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

ජනපතිගෙන් ආරාධනයක්

868 Views


ජනපතිගෙන් ආරාධනයක්

රටත් ජනතාවත් වෙනුවෙන් පුළුල් මෙහෙවරකට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විද්වතුන්ට ආරාධනා කරනවා සිටිනවා. විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළට සහභාගි වෙමින් ජනාධිපතිතුමා මෙම ඇරයුම සිදු කළා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රධාන ක්ෂේත්‍ර 6ක් යටතේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිදු කළ සේවය ඇගයීම වෙනුවෙන් විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ පැවැත්වෙනවා. එය සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්‍ෂවරුන්ගේ කමිටුවයි. වසර 2 කට වරක් පැවැත්වෙන මෙම සම්මාන උලෙළ මෙවර ජනාධිපති මන්දිරයේ පැවත්වීම විශේෂ අවස්ථාවක්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්‍ෂවරුන්ගේ කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙහිදී ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූවා. අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post