News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

ඉන්දියාව මාලිංගව ඉල්ලයි

27339 Views


ඉන්දියාව මාලිංගව ඉල්ලයි

ශ්‍රී ලංකා සීමිත පන්දු වාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මීළඟ අයි.පී.එල්. තරඟ දෙක සඳහා සහභාගිවීමට අවස්ථාවක් හිමි වන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පළාත් අතර පැවැත්වෙන එක්දින තරඟාවලියට සහභාගි වන ක්‍රීඩකයන් පමණක් ලෝක කුසලාන සංචිතයට නම් කරන බවයි.

ඒ නිසා තමන්ට පළමු අයි.පී.එල්. තරඟ 6කටවත් සහභාගිවීමට නොහැකි වනු ඇති බව මාලිංග, මුම්බායි ඉන්දියන්ස් පිළට දැනුම් දී තිබුණා.

එහෙත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඉල්ලා ඇත්තේ මාලිංගට අයි.පී.එල්. තරගාවලියට හැකිතාක් සහභාගිවීමට ඉඩ සලසන ලෙසයි.

ඒ අනුව ඔහු මාර්තු 28 වන දා සහ 30 වන දා පැවැත්වෙන අයි.පී.එල්. තරඟ සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ පළාත් එක්දින තරගාවලියට සහභාගි වී අප්‍රේල් 10 වන දා සිට නැවතත් අයි.පී.එල්. තරඟාවලියට එක්වීම මාලිංගගේ අරමුණයි.


News Articles
Latest Videos
Most Popular Post