News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

626 Views


ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කළ සිය සතුරන්ට ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා මේ අනතුරු ඇඟවීම සිදු කළේ, 2016 වසරේ පැවති ජනාධිපතිවරණය ජයගැනීමට ඔහු රුසියාවෙන් සහය ලබාගෙන නැතැයි ඊයේ විමර්ශන වාර්තාවෙන් හෙළි වූ පසුවයි .

කිසිඳු ජනාධිපතිවරයකු එවැනි අසත්‍ය ප්‍රකාශයක් පදනම් කරගනිමින් විමර්ශනයට භාජනය විය යුතු නැතැයි ද අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

එම වාර්තාවෙන් ජනපති ට්‍රම්ප් 2016 වසරේ ජනාධිපතිවරණ සමයේ රුසියාව සමග කුමන්ත්‍රණය නොකල බව කියැවෙන නමුත් ඔහු නීතිය කඩකර නැතැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද කියැවෙනවා.

අමෙරිකානු නීතිපති විලියම් බාර් සඳහන් කළේ, ජනපති ට්‍රම්ප්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි සොයාගත නොහැකි වූ බවයි .


News Articles
Latest Videos
Most Popular Post