News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

විදුලි කප්පාදුව තව මාසයක්

720 Views


විදුලි කප්පාදුව තව මාසයක්

එහි ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මේ මාසය අවසානය වන විට විකල්ප බලශක්ති හරහා පවතින අර්බුදයට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි.

ඉදිරියේදී සම්පූර්ණයෙන් ම විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති කාල රාමුවට අනුව ඊයේ සිට විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේදී පැය 03ක් සහ රාත්‍රී කාලයේදී පැයක් වශයෙන් දිනකට පැය 04ක් විදුලිය කපා හැරීම සිදුවනු ඇති.

මණ්ඩලය නිකුත් කර ඇති කාල රාමුව අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ, පෙරවරු 8.30ත් 11.30ත් අතර හෝ දහවල් 11.30ත් 2.30ත් අතර හෝ පස්වරු 2.30ත් 5.30ත් අතර පැය 03ක කාලයකි.

රාත්‍රි කාලයේදී පස්වරු 6.30ත් – 9.30 ත් අතර පැයක කාලයක් විදුලිය කප්පාදුව සිදුකරනු ඇති.

නිසි අවසරයකින් තොරව මෙම විදුලි කප්පාදුව සිදුවන බැවින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියාමන අධිකාරිය වන මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය.


News Articles
Latest Videos
Most Popular Post