News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

1238 Views


ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක මගියෙකු අසනීප වීම නිසා එම ගුවන් යානය රුමේනියාවේ බුකාරෙස්ට් නුවර හෙන්රි කොඅන්ඩා ගුවන් තොටුපළ වෙත හදිසියේම ගොඩ බස්සවා ඇතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කරනවා.

මෙම ගුවන් යානය ඊයේ (25දා) දහවල් 1.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට නියමිතව තිබුණි. එහි මගීන් 195 ක් සහ කාර්ය මණ්ඩලයේ 18 ක් සිටි බව ශ්‍රී ලන්කන් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම ගුවන් යානය බුකාරෙස්ට් ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවූ වහාම , එරට වෛද්‍යවරුන් මෙම ගුවන් යානය වෙත පැමිණ මෙම ගුවන් මගියාට ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර තිබූ අතර , එම ගුවන් මගියා පෙළෙමින් තිබූ වකුගඩු රෝගී තත්වය යම් මට්ටමක සුව අතට හැරී ඇති බව රුමේනියාවෙන් වාර්තා වන බව දීපාල් පෙරේරා මහතා පැවසීය.

මෙම ගුවන් යානය ගොඩ බැස්සවීමෙන් පසු, යළි පිටත්වීම සඳහා සිදු කළ යුතු ඉංජිනේරුමය පරීක්ෂා කිරීම්, අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු, ඉන්ධන පිරවීම් සහ ගුවන් යානය පිළිබඳව ලියකියවිලි සකස් කිරීම සඳහා තවත් අමතර කාලයක් වැය වී තිබීම නිසා, මෙම ගුවන් ගමන සදහා නියමිත පියාසර කාළය ඉක්මවා ගොස් තිබුණි .

මේ තත්වය නිසා මෙම ගුවන් යානයේ ගමන් කළ මගීන් සහ කාර්යය මණ්ඩලය රුමේනියාවේ බුකාරෙස්ට් නුවර අසළ හෝටල් වෙත යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post