News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

හෙද නිලධාරීන් වර්ජනයක්

810 Views


හෙද නිලධාරීන් වර්ජනයක්

කරුණු කීපයක් මුල්කරගෙන ඌව පළාතේ පළාත් රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන 58 ක සේවකයෝ අද (26) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අතිකාල දීමනා කපාහැරීම, උත්සව අත්තිකාරම් ප්‍රමාද කිරීම, ගමන් වියදම් කපා හැරීම, ගිලන් රථ සහායක අතිකාල කප්පාදුව යන කරුණු මුල් කරගනිමින් දියතලාව මූලික රෝහල හැර ඌව පළාත් සභාවට අයත් සෙසු සියලු පළාත් සෞඛ්‍ය ආයතනවල උපස්ථායක, කනිෂ්ඨ සේවක, විදුලි සෝපාන ක්‍රියාකරු, මැහුම් සේවිකා, අරක්කැමි, සෞඛ්‍ය කාර්ය සහායක ඇතුළු සේවක සේවිකාවන් 2,200 ක් පමණ මෙම වර්ජනයට එක්ව සිටියහ.

පළාතේ මූලික රෝහල් 05 ක්, දිසා රෝහල් 12 ක්, ප්‍රාදේශීය රෝහල් 14 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 27 ක් මෙම වර්ජනයට එක්ව සිටි අතර සමස්ත ලංකා සුව සේවා සංගමයේ ඌව පළාත් ශාඛාව මඟින් මෙම වර්ජනය සංවිධානය කර තිබිණා.

සිය ගැටලුවලට කඩිනම් විසඳුමක් ලබා නොදුණ හොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව එම සංගමයේ ඌව පළාත් ලේකම් ටී.එම්.අසංක ඉන්දික මහතා ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post