News Line| Off Air
Generic placeholder image

Mar
27

ගැහැණු අය නැතුව රට දියුණු කරන්න බෑ

596 Views


ගැහැණු අය නැතුව රට දියුණු කරන්න බෑ

රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. කාන්තාවන්ගේ දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවයි අරලියගහ මන්දිරයේ අද (26) පැවති ධනාභිමානි කාන්තා සම්මේලනය අමතමින් අග‍්‍රාමාත්‍යවරයා පවසා සිටියේ.

ප‍්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එම උත්සවය සංවිධාන කර තිබුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ ප‍්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය සියයට 25 දක්වා වැඩි කිරීමට සිය රජයට හැකි වීම කාන්තාවන් ලද විශාල ජයග‍්‍රහණයක් වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post