News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
27

නදීමාල් ගැන ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

1206 Views


නදීමාල් ගැන ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ යොවුන් ගායක නදීමාල් පෙරේරාගෙන් සහ බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර හෙවත් කුරේ නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ප‍්‍රශ්ණ කිරීම් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ එම ප‍්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කෙරෙන බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පෙන්වා දුන්නේ. “මෙම දෙදෙනා පසුගිය පෙබරවාරි 03 වැනිදා ඩුබායි බලා පිටව ගොස් තිබෙනවා. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් වයස අවුරුදු 24ක් වූ සංජු ගීත් නදීමාල් පෙරේරා නැමැති අය. අනෙක් අය වයස අවුරුදු 52ක් වූ කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර. දැනට මේ දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා. ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මේ දෙදෙනා ගැන ගන්න ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කෙරෙනවා.” යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post