News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

කංජිපානි ඉම්රාන් ලංකාවට ආ විගස මාලදිවයිනට පැනයන්න සැලසුම් කරලා

2356 Views


කංජිපානි ඉම්රාන් ලංකාවට ආ විගස මාලදිවයිනට පැනයන්න සැලසුම් කරලා

පසුගිය පෙබරවාරි පස්වනදා ඩුබායි හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී පාතල නායක මදුෂ් සමග අත් අඩංගුවට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මොහොමඩ් නජීම් ඉරම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමැත්තා අද අලුයම් කාලයේදී ඩුබායි රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණා. පසුව කටුනායකදි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යටතට පත් වූ අතර එලෙස අත්අඩංගුවට පත් වීමට පෙර ඔහු පලා යෑමට සැලසුමක් දියත් කොට තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඔහු අද උදෑසන කටුනායක ගුවන් තොටුපලට පැමිණීමෙන් පසු මාලදිවයින බලා යාමට සැලසුම් සකස් කර තිබූ බවයි. කෙසේ වෙතත් කඩිනමින් ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව ගුවන්තොටුපොළේදී සිය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post