News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

කංජිපානි ඉම්රාන් සමඟ තවත් පිරිසක් ලංකාවට

875 Views


කංජිපානි ඉම්රාන් සමඟ තවත් පිරිසක් ලංකාවට

මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් කටුනායක ගුවන් තොටුපලේදී අද (28) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගැණුනා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද උදෑසන මෙරටට පැමිණි අවස්ථාවේ ඔහු භාරයට ගත් බවයි.

උදෑසන 6.20ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්. ඉසෙඞ්. 547 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ කටුනායක ගුවන් තොටුපලේ සංක‍්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කංජිපානි ඉම්රාන් ශ‍්‍රී ලංකාවට පැමිණ යළි මාලදිවයින බලා යාමට උත්සහ කිරීමේ දී මෙලෙස අපරාධ පරීක්ෂණ නිලධාරීන් භාරයට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියා.

ඔහු සමග පිටුවහල් කළ තවත් 03 දෙනෙකුද හඳුනාගෙන ඇති අතර මේ වන විට ඔවුන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post