කාසල්රි ජලාශයේ ජල මට්ටම පහත වැටිමත් සමග ජලාශයේ අනවසර මැණික් ජාවාරම්කරුවන්ගේ පරාදිසයක් බවට පත් වි ඇති බව එම ජලාශයේ ධිවරයන් පවසයි.
ජලාශයේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල වැටිමත් සමග මතු වි ඇති දුපත් වල රාත්‍රි කාලයේ විශාල වලවල් හාරා එම වලවල් තුල තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගෙන ජලාශයටම සෝදන බවයි ධිවරයන් කියා සිටින්නේ.
කාසල්රි ජලාශයට පිවිසෙන හැටන් නොර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයෙන් ජලාශයට ඇතුල් වන මැණික් ජාවාරම්කරුවන් විශාල පිරිසක් එක් වි රාත්‍රි කාලයේ මෙම අනවසර මැණික් ගැරිම සිදු කරන බවත්, එම ජාවාරම්කරුවන් මුර කරුවන් යොදාගෙන මෙම මැණික් ගැරිම සිදු කරන නිසා එම ජාවාරම්කරුවන් නිතියේ රැහැනට අසුකර ගැනිමට නොහැකි බවයි ප්‍රදේශවාසින්ද කියා සිටින්නේ.
ජලාශය තුල අනවසරයෙන් මැණික් ගැරිම හේතුවෙන් විශාල පරිසර හානියක්ද සිදු වි තිබේ.