News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

බන්ධනගාර දෙපාර්තමේන්තුවට අලුතෙන් 1275

850 Views


බන්ධනගාර දෙපාර්තමේන්තුවට අලුතෙන් 1275

බන්ධනාගාර නියාමකවරුන්, ජේලර්වරුන්,හා  පුනරුත්ථාපන නිලධාරීන්  1275 ක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ යටතේ පිරිමි නියාමකවරුන් 1068 ක්, කාන්තා නියාමකවරියන් 110 ක්, දෙවන පෙළ පිරිමි ජේලර්වරුන්  69 ක් , දෙවන පෙළ කාන්තා ජේලර්වරුන් 10 ක් ,දෙවන පෙළ පිරිමි පුනරුත්ථාපන නිලධාරීන්  15 ක් හා  දෙවන පෙළ කාන්තා පුනරුත්ථාපන නිලධාරීන් 03ක්  වශයෙන්  බඳවා ගැනීමට නියමිතව තිබේ.

මේ සඳහා ඉල්ලුම්පත් කැඳවිමේ නිවේදනය මෙම මස 29 වෙනිදා (හෙට) රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලබන  බවත් අයදුම් පත් භාර ගැනීම අප්‍රේල් මස  22 අවසන් කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.


News Articles
Latest Videos
Most Popular Post