News Line| Off Air
Generic placeholder image

Mar
28

මීළඟ ජනපති ගැන වෙල්ගමගෙන් ඉඟියක්

990 Views


මීළඟ ජනපති ගැන වෙල්ගමගෙන් ඉඟියක්

මීළඟ ජනපති ලෙස පත්වන්නෙත් රෙද්ද හා බැනියම අදින කෙනෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.

වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“නිසැකවම කියනවා ඊළඟ ජනපති වෙන්නෙත් රෙද්ද බැනියම අඳින කෙනෙක්.

මට ඕන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ඒ වගේම පළි ගන්නේ නැති නායකයෙක්. පසුගිය රජයවල් හැම එකක්ම රජයට විරුද්ධව කථා කළ මාධ්‍යවේදින්ට  හා වෙනත් අයට ගැහුවා, ඒ අයව මැරුවා.

ඒ වගේ කෙනෙක් එනවට මම කැමති නෑ. මම එහෙම කෙනෙක්ට සහාය දෙන්නේ නෑ. මම ඔහුට විරුද්ධව වැඩ කරනවා කවුරු වුණත් කමක් කෑ.”


News Articles
Latest Videos
Most Popular Post