News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

විදුලි හිඟයට යෝජනා හතරයක්

623 Views


විදුලි හිඟයට යෝජනා හතරයක්

දැනට පවතින විදුලි හිඟයට මුහුණ දිම සඳහා වන යෝජනා 4කට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විදුලි බල හා බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඉදිරි මාස තුනක කාලය තුළ නිවෙස් තුළ ඇති අනවශ්‍ය විදුලි පහන් දෙකක් නිවා දැමීම, රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථාවනල විදුලි පරිභෝජනය 10%කින් අඩු කිරීම අනවශ්‍ය වීදි පහන් නිවා දැමීම හා සාමානය්‍ය දිනවලදී විදුලි පහන් නිවීම සිදුකරන වෙලාවට පැයකට ප්‍රථමව විදුලි පහන් නිවාදැමීම මෙම යෝජනා වෙයි.

එසේම මෙම ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව හා ආයතන දැනුවත් කිරීමටද රජය අපේක්ෂා කරයි.

මේ වන විට පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයින පරා විදුලි කප්පාදුවක් සිදුකරමින් පවතී. විදුලි නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තෙක් ඉතා අරපිරිමැස්මෙන් යුතුව විදුලි පාරිභෝජනය සිදු කිරීම මගින් සැලකිය යුතු විදුලි බලයක් ඉතිරි කර ගැනීමටද අවස්ථාවක් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post