News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

මන්ත්‍රී අලුත්ගමගේ මිය යන තෙක් උපවාස කරන්න සූදානම්

1088 Views


මන්ත්‍රී අලුත්ගමගේ මිය යන තෙක් උපවාස කරන්න සූදානම්

පාර්ලිමේන්තුව තුළ සිදුවු කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවර්න්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයතු කළහොත් මිය යනතුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදුවු කළහාකාරී සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව කථානායක කරු ජයසුරිය මහතාට භාරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාද එම සිදුවීමේදී කළහකාරී ක්‍රියාවන්ට සම්බන්ධව ඇති බවට එම වාර්තාවේ සඳහන් කර ඇති අතර එම වාර්තාවට විරෝධය පළකරමින් මන්ත්‍රීවරය මේසේ පැවසීය.

“අපිට විරුද්ධව නඩු දාලා හිරකරන්න හදනවා. පුළුවන්නම් කරලා බලන්න. විජේකලාට එක නීතියක් අපිට එක නීතියක්. අපිව හිරේ දැම්මොත් මැරෙණකම් උපවාස කරනවා.” යැයි පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post