News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ඨයෝ මෙන්න

1220 Views


මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ඨයෝ මෙන්න

මෙවර සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අනුව කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුෂවිතාන ශිෂ්‍යාව විසින් හිමි කර ගෙන තිබෙනවා.

2018 සාමාන්‍ය පෙළ ප්‍රථීපල අන්තර්ජාලයට නිකුත් කලේ ඊයේ රාත්‍රියේ දීයි
ඒ අනුව මෙවර දෙවන ස්ථාන 03 ක් බිහි වී තිබෙනවා.

කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ සචිති හංසදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිලේකා කුමාරි හා මාතර සුජාතා විද්‍යාලයේ මින්දි රෙඛෙකා ශිෂ්‍යාව ද මෙවර දිවයිනේ දෙවන ස්ථාන හිමි කර ගත් අය අතරට ඇතුළත්.

දිවයිනේ දෙවන ස්ථාන 3 ක් දිනා ගැනීම හේතුවෙන් මෙවර තෙවන ස්ථානයක් වෙන් කර නැහැ.

පස්වන ස්ථානය සඳහා කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ගයාත්‍රී හර්ෂීලා ශිෂ්‍යාව විසින් දිනා ගෙන තිබෙනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව දිවයිනේ හය වන ස්ථානයන් 5ක් බිහි වී තිබෙනවා.

කොළඹ, දේවි බාලිකා විද්‍යාලයේ සඳලි මුතුනිමා , කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් යසංක , එම විද්‍යාලයේම කවිරු මෙත්නුක, ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකාශ්වර , හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ හිමාෂි එරංදිකා යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඒ අතරට ඇතුළත්.

2018 සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් පන් ලක්ෂ 18,184 ක් විභාගයට පෙනී සිටියා.

සමස්තයක් ලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සියයට 64.11 ක ප්‍රතිශතයක් ග‚තය සමත් ව ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.


News Articles
Latest Videos
Most Popular Post