News Line| Off Air| Games
Generic placeholder image

Mar
29

“යොවුන්පුරය 2019” හම්බන්තොට, වීරවිල පශු සම්පත් සංවර්ධන ගොවිපල පරිශ්‍රයේදී විවෘත කෙරේ

565 Views


“යොවුන්පුරය 2019” හම්බන්තොට, වීරවිල පශු සම්පත් සංවර්ධන ගොවිපල පරිශ්‍රයේදී විවෘත කෙරේ

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි හා පුනරුත්ථාපන, උතුරු සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ලද 10 වැනි “යොවුන්පුරය 2019” ගරු වරාය නාවුක කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) හම්බන්තොට, වීරවිල පශු සම්පත් සංවර්ධන ගොවිපල පරිශ්‍රයේදී විවෘත කෙරිණි.
ශ්‍රී ලංකීය තරුණ තරුණියන්ට තම දෙපයින් නැගී සිටීමට අවශ්‍ය මූලික අඩිතාලම දමනු ලැබුවේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා බවත් අනාගතයේදී නව තාක්ෂණයට මුහුණදිය හැකි තරුණ තරුණියන් පිරිසක් බිහිකිරීම වත්මන් රජයේ මූලික අපේක්ෂාව බවත් මේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
බියගම, කොග්ගල වැනි ආයෝජන කලාප ආරම්භ කළා මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ ද කර්මාන්තපුරයක් ආරම්භ කරමින් නිදහස් වෙළඳ ගිවිසුම් හරහා රටට අවශ්‍ය විදෙස් විනිමය ගෙන ඒමට කටයුතු කරන බවද පැවසූ අමාත්‍යවරයා යොවුන්පුරයට සහභාගී වෙමින් ලබාගන්නා දැනුම රටේ ආර්ථික සංවර්ධනයට යොදාගෙන අප රට ලෝකයේ ඉහළ ස්ථානයකට ගෙන ඒමට කටයුතු කිරීමට තරුණ තරුණියන් ක්‍රියා කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
බැහැරගත ක්‍රියාකාරකම්, මිශ්‍ර වොලිබෝල් තරග, දුනුවිදීමේ පුහුණු වැඩසටහන්, මිනි මැරතන් තරග, විනෝද ක්‍රීඩා මෙන්ම යොවුන් ගායන ශිල්පී තරග, නිර්මාණාත්මක නර්තන රසවින්දන වැඩසටහන්, ශ්‍රමාදාන හා රුක්රෝපණ, රැකියා වෙළඳ පොළ, අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශන, වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් ද මාධ්‍ය කලාප හා මාධ්‍ය වැඩමුළු, වීදි නාට්‍ය තරග සහ ගිණිමැල සංදර්ශන යනාදී වැඩසටහන් රැසක් මෙම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් යෞවන සමාජ සාමාජික සාමාජිකාවන්, විදේශීය තරුණ තරුණියන්, බාලදක්ෂියින්, ශිෂ්‍යභට කණ්ඩායම්, යෞවන තිළිණලාභීන් සහ අපේෂකයින් මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අපේෂකයින්, යොවුන් සේනාංක, ශිෂ්‍ය පාර්ලිමේන්තුව, වෘත්තීය පුහුණුලාභීන් ඇතුළු 8000 කට අධික තරුණ තරුණියන් මෙම අවස්ථාවට සහභාගීවේ.
“යොවුන්පුරය 2019” ලබන 30 වන දා දක්වා පැවැත්වේ.


News Articles
Latest Videos
Most Popular Post