News Line| Off Air| Games
Generic placeholder image

Mar
29

ලංකා ඉතිහාසයේ පළමු වරට ලංවිම ට නඩුවක්

1668 Views


ලංකා ඉතිහාසයේ පළමු වරට ලංවිම ට නඩුවක්

අවසරයකින් තොරව විදුලිය කප්පාදු කිරීමට එරෙහිව මහජනතාව වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සදහන් කලේ ”නීති විරෝධී ලෙස” විදුලිය කප්පාදුවක් සිදු කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නඩුවක් ගොනු කෙරෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට බවයි.

ඒ සඳහා මහජනතාවගෙන් සාක්ෂි එක්රැස් කිරීම ආරම්භ කර තිඛෙනවා
ලැබී ඇති බලපත්‍රයට අදාළ කොන්දේසි කඩ නොවන ආකාරයට ක්‍රියා කරන ලෙස මාර්තු 19 වැනිදා ම විදුලි බල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන් බවත් ඊට කිසිදු අනුකූලතාවයක් නොදැක්වූ බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය කප්පාදුවක් සිදු කරන බවට නිල වශයෙන් ජනතාවට දැනුම් දී ඇත්තේ පසුගිය 24 වනදායි. 25 වනදා ඊට අදාළ කාලසටහන ඉදිරිපත් කලා.


News Articles
Latest Videos
Most Popular Post