News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
30

කොළඹට පැය විසිහතරක ජල කප්පාදුවක්

735 Views


කොළඹට පැය විසිහතරක ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණය හේතුවෙන් අඛණ්ඩව ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ජල මූලාශ‍්‍රවල ජලය අඩුවීමක් ද දැකිය හැකි බවයි එහි සාමාන්‍යාධිකාරී දීප්ති ගුණසේකර මාධ්‍ය වෙත පවසා සිටියා.

මේ අතර කොළඹ ඇතුලූ තදාසන්න ප‍්‍රදේශ කිහිපයකට අද (30) පෙරවරු 09 සිට පැය 24කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශිය සභාබල ප‍්‍රදේශවලට, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලටද අද පෙරවරු 09 සිට පැය 24 කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post