News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
30

ඩුබායි වලින් පිටුවහල් කිරිම් ගැන විමර්ශනයට කමිටුවක්

864 Views


ඩුබායි වලින් පිටුවහල් කිරිම් ගැන විමර්ශනයට කමිටුවක්

ඩුබායිහි අත්අඩංගුවේ පසුව මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන විමර්ශන පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

“ඩුබායි වලින් පිටුවහල් කරන තැනැත්තන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අධීක්ෂණය කිරීම සඳහාත් ඒම විමර්ශන සම්බන්ධීකරණය කිරීම සඳහාත් ඒ විමර්ශනවල නියතු නිලධාරීන් නෛතික උපදෙස් ලබාදීම සඳහාත් පොලිස්පතිතුමා විසින් අද දින 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිටවනු ලැබුවා.

මේ කමිටුවේ සභාපති ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා කටයුතු කරනවා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාත්ත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර වන මමත්, කොළඹ දකුණු කොට්ඨාසය භාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාත්, කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී හේමන්ත මහතාත් පත්කර තිබෙනවා”


News Articles
Latest Videos
Most Popular Post