එළබෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට සහභාගීවන බව ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.
ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලසිත් මාලිංග මේ දිනවල ක්‍රීඩා කරනවා. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය ඔහුට අහිමිව ගියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පන්දුවාර 20 තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියට ඔහු ඊයේ (28) එක්වුණා.
ලබන 04 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියටද ඔහු සහභාගී වන බවයි ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ. මේ අනුව ඔහුට ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග තුනක් අහිමිව යනු ඇති.