ඉන්දියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (29) පැවති තරගයකින් ජය අත් කර ගැනීමට සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුළු 5 කින් පරාජය කරමින්.
පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 2 ක් දැවී ලකුණු 198 ක් රැස් කළා. සංජු සැම්සන් පන්දු 55 කදී නොදැවී ලකුණු 102 ක් රැස් කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුළු 5 කට ලකුණු 201 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා. ඩේවිඩ් වෝනර් පන්දු 37 කදි ලකුණු 69 යි.