News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
31

බීඩී කොළ සමඟ 4ක් අත්අඩංගුවට

1673 Views


බීඩී කොළ සමඟ 4ක් අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 13 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 570.74 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම බීඩී කොළ ඩිංගි යාත්‍රා වලින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25, 29, 31 සහ 33 වන වියෙහි පසුවන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම බීඩී කොළ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.


News Articles
Latest Videos
Most Popular Post