News Line| Off Air| Games
Generic placeholder image

Mar
31

ලක්ෂ 50ක් වටිනා ගංජා හේනක් වටලයි

542 Views


ලක්ෂ 50ක් වටිනා ගංජා හේනක් වටලයි

වැල්ලවාය, ඌව, කුඩාඔය පොලීසිය විසින් ඇතිලිවැව ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී අක්කර කාලක පමණ භූමි ප්‍රදේශයක වගා කර තිබූ ගංජා හේනක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.මෙම ගංජා හේන දෙබරආර වැව ආසන්නයේ කදු රක්ෂිතයේ වගා කර තිබී ඇති අතර උස අඩි දහයකට ආසන්න උසකින් යුතු ගංජා පැල පන්දහසකට වඩා තිබී ඇත.

එහි වටිනාකම රුපියල් ලක්ෂ පනහ ඉක්මවන බව පොලීසිය පවසන අතර ගංජා හේන වගා කළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

48 හැවිරිදි අයෙක් වුනු සැකකරු ඇතිලිවැව ඩී එස් ගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය සදහන් කරයි.සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් කෙරෙන්වා.


News Articles
Latest Videos
Most Popular Post