News Line| Off Air
Generic placeholder image

Mar
31

Facebook සීමා කිරීමට තීරණයක්

1537 Views


Facebook සීමා කිරීමට තීරණයක්

ෆේස්බුක් හරහා සජීවීව විකාශය කිරීම (facebook live) පහසුකම සීමා කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා. ඊට හේතුව පැහැදිළි කළ ෆේස්බුක් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි ෂෙරිල් සැන්ඩ්බර්ග්  ප්‍රකාශ කළේ facebook live  විකාශය සඳහා ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කරන සාධක පිළිබඳ අවධානය යොමුකරමින් එම තීරණ ගන්නා බවයි.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් පසුගියදා එල්ලවු ප්‍රහාරය facebook ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීම හේතුවෙන්  සමාගමට දැඩි බලපෑමක් එල්ල වූ අතර එම සිදුවීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post