News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

කොට්ටාව- මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට

1068 Views


කොට්ටාව- මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට

නව තාක්ෂණය සමග පොදු ප‍්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමේ දී අප රට තව පියවර රැසක් ඉදිරියට යා යුතුව තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සුහුරු තාක්ෂණ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට මග පාදමින් ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව ඉදිකෙරුණු කොට්ටාව- මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය අද (31) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඉදි වූ මෙම ප‍්‍රවාහන මධ්‍යස්ථානය මගින් ජනතාවට බස් රථ, දුම්රිය සහ කුලී රථ සේවාව යන ප‍්‍රවාහන අවශ්‍යතා එකම ස්ථානයකින් සපුරා ගැනීමට හැකියාව ලැබේ. දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන වාහන මෙම මධ්‍යස්ථානයේ නවතා දුම්රිය හෝ බස් රිය භාවිතා කරමින් තම ප‍්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා ඇත.


News Articles
Latest Videos
Most Popular Post