News Line| Off Air
Generic placeholder image

Apr
1

මරණ දඬුවම දෙන දින තීන්දුයි

1064 Views


මරණ දඬුවම දෙන දින තීන්දුයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ දින වකවානු මේ වනවිට තමා තීරණය කර තිබෙන බවත්, කුමන අභියෝග මධ්‍යයේ වුවද මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරා. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ සර්වාගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (31දා) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවැති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට එක්වෙමින් එතුමා මේ බව සඳහන් කළා.

තමා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු සමයේ සිටම මත්ද්‍රව‍ය වෙනුවෙන් සටන් කළ බව මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කළා. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම සටන ශක්තිමත්ව කි‍්‍රයාවට නැංවීමට හැකි වූ බව එතුමා සඳහන් කළ සිටියා. මතින් නිදහස් රටක් වෙනුවෙන් වූ සංකල්පය යථාර්ථයක් වන දිනය වැඩි ඈතක නොවන බවද ඔහු මෙහිදී කියා සිටියේය.

මතින් නිදහස් රටක් වෙනුවෙන් මෙහිදී විශේෂ දේව මෙහෙයක් සිදුකළ අතර, අනතුරුව බස්නාහිර පළාත් කතෝලික දෙව්මැදුර අසල සිට විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක්ද සිදු කෙරිණි. ඉන්පසු පස්වරුවේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි, ග‍්‍රැන්ඩ්පාස් සාන්ත ජෝශප්, වත්තල සාන්ත මරියා දෙව්මැදුරුවලින් පැමිණි විරෝධතා පා ගමන් මෝදර විට්ස්වයික් උද්‍යානයට එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි.


News Articles
Latest Videos
Most Popular Post