News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

මෙතෙක් අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය අද ප්‍රසිද්ධියේ විනාශ කරයි

666 Views


මෙතෙක් අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය අද ප්‍රසිද්ධියේ විනාශ කරයි

මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද(01) සිදුකිරිමට නියමිතව තිබෙනවා.

අද පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි ගබඩා සංකීර්ණයකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසකට අධික ප්‍රමාණයක් මෙලෙස විනාශ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත මෙම පියවර ගෙන ඇති අතර මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා අද දිනයේ දී ජනාධිපතිවරයා ද එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මුලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සිදුකෙරෙනු ඇත.

පොලීසිය මගින් සිය භාරයට ගන්නා මත්ද්‍රව්‍ය සදහා සිදුවන දේ සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින ගැටලුවට විසදුමක් ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මස 15 වැනිදා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 926ක් ප්‍රසිද්ධියේ විනාශ කර තිබෙනවා.

මෙලෙස විනාශ කරනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බර් මස 09 වැනිදා අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් බව සඳහන්ය.


News Articles
Latest Videos
Most Popular Post