News Line| Off Air
Generic placeholder image

Apr
1

රටේ විදුලිබල ඇමැති මිළඟ ආත්මේ බකමූනෙක් වෙනවා – රෝහිත අබේගුණවර්ධන

1084 Views


රටේ විදුලිබල ඇමැති මිළඟ ආත්මේ බකමූනෙක් වෙනවා –  රෝහිත අබේගුණවර්ධන

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පසුගිය දා පාර්ලිමෙන්තුවේදී වැය ශීර්ෂය පරාජයට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළෙහි තිබෙන ශක්තිය පෙන්වීමට බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසන විට අගමැතිවරයා එය විපක්ෂය මත පටවන්න උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. “අද දවස ඉතාම වැදගත්. අද දවස මේ රටේ බොහෝ දෙනෙක් උදේ නැගටපු ගමන් තමන්ගේ හිතවතුන්ට බොරුවක් කියලා රවටන දවස. බොරුවගේ දවස. යනුවෙන් ඔහු මෙහිදී කරුණු දැක්වූවා.

මේ දවස හරියටම ගැලපෙන්නේ යහපාලන ආන්ඩුවට. ඒ කියන්නේ යහපාලන ආන්ඩුවේ නායකයිනගේ දවස. ඒ අයට හොද දවසක් නිසා පුලුවන් තරම් බොරු කියන්න පුලුවන්.අගමැතිතුමා අද දවසේත් හොදට වැඬේ කරලා. එතුමා කියනවා මේ මාසෙන් පස්සේ ප්‍රාදේශීය සභා හා පළාත් සභා වලට මුදල් නැහැලු. අගමැතිතුමා මෙහෙම කියන්නේ ඇයි. පහුගිය 278 වැනිදා ස්වදේශ කටයුතු හා පළාත් පාලන , බස්නාහිර සංවර්ධන හා නගර සභා වැය ශීර්ෂය පරාජය වුනා. දැන් අගමැතිතුමා කියනවා ඒක පරාජය කලේ විපක්ෂය. ඒ නිසා මේ රටේ ග්‍රාමසේවකවරුන්ට පඩි ගෙවන්න සල්ලි නැහැලු. අගමැතිතුමා ඒ ප්‍රකාශය කරන අතරේ එක්තරා පුවත්පතකට එජාප මන්ත්‍රී ඉසාඞ් රහිමාන් කියනවා අයවැය මගහැරියේ එජාපයේ පසුපෙලේ හයිය පෙන්වන්න කියලා. දැන් වික්‍රමසිංහ මහත්තයා අද දවසට ගැලපෙන්නේ නැත්ද.

මේ වෙද්දි විදුලි කප්පාදුවක් වෙනවා. දවල්ට පැය තුනයි. රෑට පැයයි. රමේ මිනිස්සු කලුවරේ. වතුර නැහැ. කොළඹ නගරයේ මහල් නිවාසවල ඉන්න අයට වතුර නැති වුනාම ඉතාම අපහසුතාවයට පත්වෙනවා.

රජයට හෝ මැතිඇමැතිවරුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන අවස්ථාවල මෙවැන්නක් වෙනවා නම් ඊට විසදුම් දෙනවා. ඊළග ආත්මයේ විදුලි බල ඇමැතිවරයා කොහොම ඉදියිද දන්නේ නැහැ. බකමූණාට දවල්ට පේන්නේ නැත්තේ ගිය ආක්මේ කරපු පෙර කරුමෙකට. මේ රටේ විදුලිබල ඇමැතිවරයා මිළඟ ආත්මේ බකමූනෙක් වෙනවා. ” යනුවෙන් එතුමා වැඩිදුරටත් කරුණු සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post