News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

ලංකාවට පිටුවහල් කළ අය අතරෙ මදූෂ් ගැන තොරතුරක් තවමත් නැත්තෙ ඇයි ?

818 Views


ලංකාවට පිටුවහල් කළ අය අතරෙ මදූෂ් ගැන තොරතුරක් තවමත් නැත්තෙ ඇයි ?

පසුගියදා ඩුබායිහිදී අත් අඩංගුවට ගත් මාධුකරේ මධූෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කරන ලද බව මාධ්‍ය හරහා ප්‍රකාශ කෙරුණත් මාධුකරේ මධූෂ් සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වන්නේ නෑ.

කිහිප අවස්ථාවන්හිදී නදීමාල් පෙරේරා, කංජිපානී ඉම්රාන් ඇතුළු පිරිසක් පිටුවහල් කිරීමට ඩුබායි පොලීසිය කටයුතු කළා. මෙහිදී පරීක්ෂණ වලින් අනතුරුව නදීමාල් පෙරේරා ඇතුළු කිහිප දෙනෙකු ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව නිදහස් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. එසේම තවත් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, කංජිපානි ඉම්රාන් මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසර ලැබි තිබෙනවා.

අමල් පෙරේරා සහ නදීමාල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සාබ්ධික වෙල්ලප්පිලි මහතාගෙන් මාධ්‍ය කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අමල් පෙරේරා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post