News Line| Off Air
Generic placeholder image

Apr
1

විදුලි අර්බුදය උග්‍ර වෙයි

1010 Views


විදුලි අර්බුදය උග්‍ර වෙයි

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස හදිසි විදුලිය මිලදී ගැන නීමක් සිදුකිරීමට රජයේ අවධානය යොමුවී තිබුණත් හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මීට පෙරදී සඳහන් කළා.

මෙගා වොට් 50ක විදුලි බලයක් සපුගස්කන්ද ඒෂියා පවර් සමාගමෙන්, මෙගාවොට් 24ක් මාතර ඒ.සී.ඒ. ආයතනයෙන් හා මෙගාවොට් 30ක් උතුරු ජනනී හරහාද මිලදී ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. තවද, තවත් මෙගාවොට් 100ක් ස්වාධීන ආයතන වෙතින් ලබාගැනීමටද අවධානය යොමුව ඇත.

මේ අතර, ඉදිරි මාස තුනක කාලය තුළ විදුලිබල පාරිභෝජනය පාලනය කිරීම වෙනුවෙන්ද අමාත්‍යාංශය පියවර ගැනීමට නියමිතව තිබෙනවා.

පෞද්ගලික ආයතන වෙත තමන්ගේ විදුලි ජනන යන්ත්‍ර හැකිතාක් භාවිත කර ජාතික විදුලිබල පද්ධතියෙන් නොයැපී සිටීම වෙනුවෙන්ද වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ වනවිට පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිපදවීම සීමා සහිත වී ඇති අතර, මේ නිසා පවතින ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා ඉරිදා දිනයේදී හැර සතියේ අනෙකුත් දිනවල පැය හතරකට අධික කාලයක් විදුලි සැපයුම සීමාකිරීමට විදුලිබල මණ්ඩය කටයුතු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post