ටියුනීසියාවේ ටියුනිස් නුවරදී අරාබි රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන අරාබි ලීගය සමුලුවේ දී ඇමෙරිකාවට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
ඒ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඊශ්‍රායලයට සහාය පළ කරමින්, සිරියාවේ ගෝලාන් කඳුකරය, ඊශ්‍රායලයේ කොටසක් ලෙස තමන් පිළිගන්නා බවට කල ප්‍රකාශය හේතුවෙන්.
ඇමරිකාව මැදපෙරදිග රට වල කටයුතු වලට වහා නතර කල යුතු බව එම සංගමය පෙන්වා දෙනවා. ගෝලාන් කදුකරය පිහිටා ඇත්තේ ඊශ්‍රායෙල සිරියා දේශ සීමා මධ්‍යයේ යි.
ඊශ්‍රායල හමුදාව විසින් 1967 වසරේ දී ගෝලාන් කඳුකරය බලෙන් අත්පත් කර ගත්තා. ගෝලාන් කදුකරය ඊශ්‍රායලයට අයත් භූමි ප්‍රදේශයක් බව ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශය මුල්කර ගනිමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ද ඇමෙරිකාවට විරෝධයක් එල්ල වී තිබෙනවා.