News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සමඟ සාකච්ඡාවක් අද

503 Views


ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සමඟ සාකච්ඡාවක් අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.ඒ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.

අයවැය අවසන් ජන්ද විමසීම සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා මෙම සාකච්ඡාව කැදවා තිබෙනවා. ඊට සහභාගී වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවයි නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු සදහන් කලේ .

අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමේ දී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ද හෙට විජේරාමේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම සියලු සාකච්ඡා වලින් අනතුරුව ජනාධිපතිතුමා හා විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් ලබන 04 වනදා පැවැත්වෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනු ඇතී. අයවැය අවසන් ජන්ද විමසීම ලබන 05 වනදා පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post