News Line| Off Air
Generic placeholder image

Apr
2

ප්‍රවීන නාට්‍යවේදී මහචාර්ය ජයලත් මනෝරත්න මහතාට සම්මානයක්

874 Views


ප්‍රවීන නාට්‍යවේදී මහචාර්ය ජයලත් මනෝරත්න මහතාට සම්මානයක්

ලෝක නාට්‍ය දිනය මාර්තු මස 27වන දින යෙදී තිබිනි. යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු, ‘ජාත්‍යන්තර රංගකලා ආයතනය’ (International Theatre Institute – ITI), වර්ෂ 1961 දී ‘ලෝක නාට්‍ය දිනය’ (World Theatre Day – WTD) සැමරිය යුතු බවට තීරණය කර තිබුනා.

ඒ අනුව, මාර්තු මස 27 වන දින ‘ලෝක නාට්‍ය දිනය’ වෙනුවෙන් වෙන් කෙරුණි. ඉන්පසුව වර්ෂ 1962 දී පටන්, ලොව පුරා ‘නාට්‍ය දිනය’ සමරමින්, විවිධ වැඩසටහන් පවත්වනු ලබන අතර ශ්‍රී ලංකාවේ, රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලය මඟින්, මේ සඳහා දායකත්වය දරනු ලැබුවා.

ඒ අනුව පසුගිය දා 2019 වසර වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළ පැවැත්වුනා එහිදී ජෙෂ්ඨ රංගන ශිල්පී මහචාර්ය ජයලත් මනෝරත්න මහතා ලෝක නාට්‍ය දිනය වෙනුවන් 2019 රාජ්‍ය නාට්‍ය උළෙලේදී, ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන රාජ්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
එතුමාට සියත 24 අපිත් සුබ පැතුම් එක් කරනවා…!!


News Articles
Latest Videos
Most Popular Post