News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

බක්මහ දිවුරුම හෙට

550 Views


බක්මහ දිවුරුම හෙට

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම හෙට සිදු කිරිමට නියමිතයි. එහි ප්‍රධාන උත්සවය හෙට පෙ.ව 8.15 ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඊට එක්කර ගැනීමට නියමිතයි. එමෙන්ම පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් ද ඒ සඳහා එක්වනු ඇති.

ඊට සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවයේ සියලු දෙනා ද පොදු මහජනතාව ද බක්මහ දිවුරුමට එක්කර ගැනීමට නියමිතයි. හෙට පෙ.ව 8.30 සිට 8.32 දක්වා සිංහල බසින් ද 8.32 සිට 8.34 දක්වා දමිළ බසින් ද දිවුරුම ලබාදීම සිදු වනවා.

දීප ව්‍යාප්තව පාසල් දරුවන් ද සිය පාසල්වල සිට බක්මහ දිවුරුම සම`ග එක් වීමට නියමිතයි. පෙ.ව 8.34 සිට 8.36 දක්වා සිංහල බසින් ද, පෙ.ව 8.36 සිට 8.38 දක්වා දෙමළ බසින් ද පාසල් සිසුන් වෙනුවෙන් බක්මහ දිවුරුම ඉදිරිපත් කරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post